සිව් වසරක් ජපුර සරසවියේ ගතකළ ඒ සුන්දර සමය පිළිබඳ එසමයෙහිම මම කාන්තා පුවත්පතකට ලිවීමි. එහි නම ද ‛සරසවි දැහැන’ ම විය. එවන් ලිපි පෙළක් එම පුවත්පතට ලිවීම ආරම්භ කළේ මා නොවේ. නමුත් මා සරසවියේ ඉගෙනුම ලබන බැව් දැනගත් ප්‍රධාන කතුවරයා එය ලිවීමට මට ද ආරාධනා කළේය. කැමැත්තෙන්ම එය භාරගත් මම සරසවියේ ගතකළ සිව් වසර පුරාම සෑම සතියක් පාසාම සරසවියේ ගෙවමින් ලද විවිධ අත්දැකීම මට හැඟෙන අයුරින් ලිවීමි. මෑතකදී මට එම ලිපි එකතුව හමු විය. එවැන්නක් පොතක් බවට පත්කිරීමෙන් ද පලක් නොවන බව මට සිතුනේ පොත් ප්‍රකාශනය හා පොත් අළෙවිකරගැනීමේ දුෂ්කර ව්‍යයාමය පිළිබඳ යම් වැටහීමක් මට ඇති බැවිනි. එය සයිබර් අවකාශයේ සැරිසරන සියලු දෙනා වෙනුවෙන් මුදාහරින්නට මා සිතුවේ එබැවිනි. මෙහි ඇත්තේ මා ලිවූ ලිපි ඒ අයුරින්ම සටහන් කිරීමක් නොව, එම ලිපි සටහන් අතරින් සොයාගත් ජීවිතයේ මා ගෙවූ සොඳුරුතම සිව් වසර පිළිබඳ අතීත මතක ආවර්ජනයකි.
- UNDER CONSTRUCTION -
No posts.
No posts.